වාස්තු විද්‍යාව - ලිපි අංක 02
ගෙබිම දිශාගත කිරීම හා ගිණි කතිරය
ගිණිකොන දිශාවට ගෙයි මුල්ලක් යොමුවන සේ දිශාගත කිරීම වාස්තුවිද්‍යානූකූලව මහා දෝශයකි. එහි විපාක ලෙස සීග්‍ර පරිහානිය හා ගෙය පාළුවට යාම පෙන්වයි. මෙම දෝශය නිවස තැනීමෙන් අනතුරුව ඉවත් කර ගැනීමට නොහැක.
ඉඩම පාද බෙදාගැනීමේදී ඉඩමේ හරි මැද නොහොත් බ්‍රහ්ම පාදයට නිවසේ හරි මැද වන ජයා පාදය පිහිටුවා නිවස තැනීම ද මහා දෝශයකි. (පාද බෙදීම පිලිබඳ පසු ලිපියකින් ලියමි).
නිවසේ හරි මැද වන ජයා පාදය මත අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම හා උළුවහු ආදිය තැබීම ද අශුභය. එම ස්ථානය නිතර පෑගෙන, අපිරිසිදු වෙන ස්ථානයකට හසු වීමද නොකළ යුතුය. එහි විපාක ලෙස මාන්සික අසහන හා මුදල් හානී ඇතිවන බව පෙන්වා දී තිබේ. මෙය ගිණිකතිර දෝශය ලෙස පොත පතේ පෙන්වා දී තිබේ.