ගොඩනැගිල්ලක ශක්තිය පවතින්නේ එහි ඇති අත්තිවාරම (Foundation) තුළ ය.
අත්තිවාරමක ප්‍රධාන පරමාර්ථය වන්නේ එයට ඉහළින් ඇති ගොඩනැගිල්ලේ ව්‍යුහය (Building Structure) සෘජුව පවත්වා ගැනීම සහ ගොඩනැගිල්ලේ බර (Weight) පොළොව කරා සම්ප්‍රේෂණය (Transfer) කිරීමයි.
මේ දිනවල අහස් ස්පර්ශ කරන උස් ගොඩනැඟිලිවල පාදම (Base) නැත්නම් අත්තිවාරම ගැන ඔබ දැන දැන ගත්තොත් පුදුම වනු නිසැකය. මක් නිසාද යත් එම පාදමේ ප්‍රමාණය (Base Size), ඒ සඳහා වැය කරනු ලබන වියදම හා කාලය විශාල වනුයේ පාදමක එහෙම නැත්නම් අත්තිවාරමක ඇති වැදගත්කම නිසාය.
නව නිවසක් සැලසුම් කරන ඔබ එහි ඇතුලත හා පිටත අලංකාරය වගේම එහි ඇති ව්‍යුහාත්මක කොටස් (Structural Elements) පිළිබඳවත් අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් කාරණයක්.
එම නිසා පිටතින් කොච්චර අලංකාරවත් වුවත් නිවැරදි පාදමක් නැතිනම් එම නිවස ජීවත්වීමට නුසුදුසු අනාරක්ෂිත අවකාශයක් (Unsafe Space) වේ. ඔබගේ නිවස සැලසුම් කිරීමේදී ව්‍යුහාත්මක කොටස් පිළිබඳව මනා දැනුමක් ඇති පළපුරුදු ඉංජිනේරුවරයකු හෝ සැලසුම් ශිල්පියකු යොදා ගැනීම ඉතාමත් අවශ්‍ය කාරණාවක් .
තවද ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ නිවෙස හදන්න එන කොන්ත්‍රාත්කරු (Contractor) එහෙමත් නැත්නම් බාසුන්නැහේ කියන විදියට අත්තිවාරම් දමන්න. එසේ කරන්නේ ඔබ එහි ඇති අනාරක්ෂිත බව නොදැන. එම නිසා වැඩිපුර යම් මුදලක් වැයකර දැනුම්ක් සහිත ඉන්ජිනේරුවරයෙක් හෝ සැලසුම් ශිල්පියෙකු මුණ ගැසී ඔබගේ නිවස සැලසුම් කර ගැනීම වඩාත් යෝග්‍යයි.
Lithium Engineers සමග වැඩ කරන ඉන්ජිනේරුවන් පවසන පරිදි ගොඩනැගිල්ලක අත්තිවාරමට ගොඩනැඟිල්ලේ මළ බර (Dead Load) වගේම සජීවී බරද (Live Load) පොලොවට සම්ප්‍රේශණය කිරීමේ හැකියාව පැවතිය යුතුය. මෙහිදී මළ බර (Dead Load) යනුවෙන් අදහස් කරන්නේ ගොඩනැගිල්ලේ ව්‍යුහයේ (Structure) බරයි. එය නියතව (Constant) පවතින භාරයකි. ඒ වගේම සජීවී බර (Live Load) යනු නිවසේ සිටින මිනිසුන්ගේ හා ගෘහ භාණ්ඩ ආදීන්ගේ භාරයන්. ඒවා නිවස තුළ එහාට මෙහාට සංචරණය වේ. එම නිසා ඉහත සඳහන් කළ භාරයන් දෙකම දරා ගැනීමට සහ එය නිසි පරිදි මහ පොලොවට සම්ප්‍රේශණය කිරීමට ශක්තමක් පාදමක්ව අවශ්‍ය වේ.
තව ද පසේ දරාගැනීමේ හැකියාව (Bearing Capacity) පාදමේ විශාලත්වයට බලපායි. එමනිසා කඳු සහිත (Hilly) ප්‍රදේශයක ඇති පාදමක විශාලත්වයම තෙතමනය (Wetland) සහිත ප්‍රදේශයකට යොදා ගැනීම සුදුසු නොවේ. එයද විශේෂඥයකු ළවා සැලසුම් කරගැනීම අත්‍යවශ්‍යය.
පාදමට අවශ්‍ය කම්බි ප්‍රමාණය (Number of Re-bars) හා එම කම්බි බැඳිය යුතු දුර ප්‍රමාණ (Spacing) නිවැරදිව ගණනය කිරීම්කින් සාදාගන්න. එසේ නොමැතිව ඔබට හෝ ඔබගේ කොන්ත්‍රාත්කරු ට අවශ්‍ය පරිදි කම්බි ප්‍රමාණය හෝ කම්බි අතර දුර ප්‍රමාණය තීරණය කිරීමේ බරපතලකම ඔබට පසුකලකදී වැටහෙනු ඇත. එම නිසා වැඩිපුර මුදලක් පාවිච්චි වුණත් සුදුසුකම් සහිත පුද්ගලයකු ලවා ඔබගේ නිවස සැලසුම් කර ගැනීම අනිවාර්ය කටයුත්තක්.
ඔබගේ යහළුවාගේ නිවසට දැමූ පාදම විශාලත්වය කම්බි ප්‍රමාණය පාදම අතර දුර වැනි දේවල් ඔබගේ නිවසට කිසිසේත්ම සරිලන්නේ නැත. ඔබගේ යහළුවාගේ නිවසේ පරිසරයේ තිබෙන පරිසර තත්ත්ව නෙමෙයි ඔබගේ ඉඩමේ තියෙන්න. පස් (Soil) වෙනස් වෙන්න පුළුවන්. තෙතමනේ (Moisture) වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අර යාළුවගේ නිවසට වඩා ඔබගේ නිවසේ ව්‍යුහය (Structure) සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එම නිසා වෙන කාගෙවත් කීමට ඔබගේ නිවසේ Foundation එක දැමීම අනුවණ ක්‍රියාවක්.
ඔබගේ නිවසක් පළපුරුදු සැලසුම් කරුවන් හා ඉංජිනේරුවන් අතින් සාධාරණ මුදලකට සැලසුම් කර නිමවා ගැනීම්ට Lithium Engineers ඔබට හොඳ තේරීමක් වනු නොඅනුමානය.
Plan & Build Your Dream Home with Lithium Engineers
House Construction Professionals
No comments:
Post a Comment