Thursday, June 3, 2021

ගෙබිම දිශාගත කිරීම හා ගිණි කතිරය

 

වාස්තු විද්‍යාව - ලිපි අංක 02

ගෙබිම දිශාගත කිරීම හා ගිණි කතිරය


ගිණිකොන දිශාවට ගෙයි මුල්ලක් යොමුවන සේ දිශාගත කිරීම වාස්තුවිද්‍යානූකූලව මහා දෝශයකි. එහි විපාක ලෙස සීග්‍ර පරිහානිය හා ගෙය පාළුවට යාම පෙන්වයි. මෙම දෝශය නිවස තැනීමෙන් අනතුරුව ඉවත් කර ගැනීමට නොහැක.

ඉඩම පාද බෙදාගැනීමේදී ඉඩමේ හරි මැද නොහොත් බ්‍රහ්ම පාදයට නිවසේ හරි මැද වන ජයා පාදය පිහිටුවා නිවස තැනීම ද මහා දෝශයකි. (පාද බෙදීම පිලිබඳ පසු ලිපියකින් ලියමි).

නිවසේ හරි මැද වන ජයා පාදය මත අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම හා උළුවහු ආදිය තැබීම ද අශුභය. එම ස්ථානය නිතර පෑගෙන, අපිරිසිදු වෙන ස්ථානයකට හසු වීමද නොකළ යුතුය. එහි විපාක ලෙස මාන්සික අසහන හා මුදල් හානී ඇතිවන බව පෙන්වා දී තිබේ. මෙය ගිණිකතිර දෝශය ලෙස පොත පතේ පෙන්වා දී තිබේ.



 




Tuesday, June 1, 2021

වාස්තු විද්‍යාවේ සඳහන් පරිදි දිශාවන් පිළිබඳ ශුභ අශුභ

වාස්තු විද්‍යාව - ලිපි අංක 01

වාස්තු විද්‍යාවේ සඳහන් පරිදි දිශාවන් පිළිබඳ ශුභ අශුභ ඉතා කෙටියෙන් පරිදි වේ, 

උතුර - නිදන කාමර, වටිනා වස්තු තබන ස්ථාන
ඊසාන - ආගමික වතාවත් කරන ස්ථානය (නැගෙනහිරට මුහුනත හරවා බුදුපිළිමය තැබීම පිළිගත් ක්‍රමයයි. බුදුමැදුර නිවසින් පිටත තැනීම වඩාත් සුදුසුයි).ඩ්
නැගෙනහිර - නාන කාමරය
ගිණිකොණ - මුලුතැන්ගෙය, දරලිප්, පෝරණු
දකුණ - නිදන කාමර
නිරිත - අවි ආයුද, වැසිකිළි
බටහිර - කෑම කාමරය
වයඹ - වී ගබඩා
වාස්තු විද්‍යානූකූලව පරිසර හිතකාමී නිවසක් තනා දීම අප අරමුණයි.
නිවාස සැලසුම් සඳහා කතා කරන්න. 
0712395650/ 0771996460



Friday, June 5, 2020

ලෝක ජනගහනය - ඉන්දියාව පෙරමුණට ???

සෑම වසරකම මිලියන 83කින් ලෝක ජනගහනය වැඩිවෙයි.  2011 ඔක්තෝම්බර් මාසෙ වෙනකොට ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවිය.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 7.7කට වඩා වැඩි වී ඇත.

මෙලෙස ජනගහනය වැඩි වීම ගණනය කෙරුවොත් 2050 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවනු ඇතැයි අපේක්ශා කෙරේ.


ඉන්දියාව පෙරමුණට ???

දැනට ජනගහනය වැඩිම රටවල් අතරින් පෙරමුණේ සිටින්නේ පිළිවෙලින් චීනය, ඉන්දියාව හා එක්සත් ජනපදයයි.  චීනය යනු අඩ සියවසක් තිස්සේ ජනගහනයෙන් වැඩිම රටයි.  නමුත් ජනගහනය වර්ධන වේගය ගණනය කළ පසු 2022 වන විට ඉන්දියාව චීනය අභිබවා යනු ඇතැයි අපේක්ෂා කරයි.  තවද නයිජීරියාව ද, ඇමරිකා එක්සත් ජනපදය අභිබවා ලයිස්තුවේ තුන්වන තැනට එනු ඇතැයි විශ්වාස කෙරේ.


World population - Wikipedia නයිජීරියාව

නයිජීරියාව දැනට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් ලයිස්තුවේ 7 වන රට වන අතර එය ඉක්මනින් වෙනස් වනු ඇත. නයිජීරියාවේ වර්ධන වේගය වසරකට 2.6% ක් වන අතර එය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් 10 අතර ඉහළම අගයයි. 2050 වන විට එහි ජනගහනය මිලියන 195 සිට මිලියන 410 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වනු ඇත. 

දැනට ඉන්දියාව, පකිස්ථානය, නයිජීරියාව. කොංගෝ ජනරජය, ඉතියෝපියාව, ටැන්සානියාව, එක්සත් ජනපදය, උගන්ඩාව හා ඉන්දුනීසියාව රටවල්වල වැඩි ජනගහන වර්ධන වේගයක් පෙන්නුම් කරයි. 

වැඩිම ජනගනත්වය මොනාකෝ වේ

ලෝකයේ දෙවැනි කුඩාතම ස්වෛරී ාජ්‍ය වන මොනාකෝ නගරයේ වැඩිම ජන ඝනත්වයක් හිමි රට වේ.  එහි ජන ඝනත්වය වර්ග කිලෝමීටර්යකට පුද්ගලයින් 20,105 ක් වේ.

ගෝලීය උපත් අනුපාතය

World Population Prospects – 2017 Revision: Global fertility rate ...


ගෝලීය උපත් අනුපාතය 1960 දශකයේ සිට පහත වැටී ඇති අතර ඉදිරි දශක කිහිපය තුළ එය දිගටම පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමස්ත අනුපාතය පහත වැටෙමින් තිබුණද, සශ්‍රීකත්වය(fertilities) ලොව පුරා බොහෝ සෙයින් වෙනස් වේ. නිදසුනක් වශයෙන්, අප්‍රිකාව කාන්තාවකට උපත් 4.7 ක් පමණ අත්විඳින අතර යුරෝපය 1.6 ක් අත්විඳියි.







ගෝලීය ආයු අපේක්ශාව

වර්ශ 2000දී, ගෝලීය ආයු අපේක්ෂාව අවුරුදු 67 කි. අවුරුදු පහළොවකට පසු එම සංඛ්‍යාව 71 දක්වා වර්ධනය විය. ආයු අපේක්ෂාව අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2050 වන විට වයස අවුරුදු 77 දක්වා ළඟා වේ.

ගෝලීය ආයු අපේක්ෂාව වැඩි වන විට ලෝකයේ විවිධ ස්ථාන අතර අඩු වෙනසක් ද සිදුවනු ඇත. යුරෝපයේ අවුරුදු 79 ට සාපේක්ෂව අප්‍රිකාවේ ආයු අපේක්ෂාව 2015 දී 60 ක් විය. කෙසේ වෙතත්, අප්‍රිකාවේ ආයු අපේක්ෂාව වේගයෙන් වර්ධනය වන අතර එයින් අදහස් වන්නේ 2050 වන විට වෙනස අඩු වනු ඇති බවයි.

Millennials See Banks Differently from Other Generations - Wall ... "මිලේනියල්ස්" ලා

"මිලේනියල්" (Millennials),  1981 සහ 1997 අතර උපත ලැබූ අය, ලෝක ජනගහනයෙන් විශාල කොටසකට හිමිකම් කියයි. ඇත්ත වශයෙන්ම, ලොව පුරා බිලියන 2 ක පමණ ජනතාවක් මෙම පරම්පරාවේ කොටසකි. මිලේනියල් පරම්පරාවේ 71% ක් පමණ ජීවත් වන්නේ ආසියාවේ හෝ උප සහරා අප්‍රිකාවේ ය.

ජාතියක මධ්‍යන්‍ය වයස

ජාතියක "මධ්‍යන්‍ය වයස" යනු ජනගහනයෙන් අඩක් එම වයසට වඩා පැරණි වන අතර අනෙක් භාගය තරුණ ය. නයිජර් හි මධ්‍යන්‍ය වයස අවුරුදු 15.3 කි. නයිජර් ලෝකයේ ලාබාලම මධ්‍යන්‍ය වයස ඇති අතර අප්‍රිකානු ජාතීන්ගෙන් බහුතරයකට මධ්‍යන්‍ය වයස අවුරුදු 20 ට අඩු ය.

-Najika-


ලියුම්කරුගේ තවත් ලියුම් පහලින්

ගොටුකොල අගුණ කාටද ?

ඩයිනෝසිරාලා තාම හිටියානම් අපිට වෙන දේ

අත්තිවාරම දාන්නේ බාස් කියන නිසා ද ?













Friday, May 22, 2020

බණ්ඩක්කා වලට ඒ නම ලැබුණේ කොහෙන් ද?

සිංහල බසින් බණ්ඩක්කා යයි කිව්වද එය සකු බසින් ආ නමකි.  "භිණ්ඩි" යනු සකූ නමය. දෙමළ බසින් වණ්ඩක්කායි යනු බණ්ඩක්කා ලෙස සිංහල බසට ආවේය.  ලංකාව හා ඉන්දියාවේ පහසුවෙන් හා බහුලව බණ්ඩක්කා වගා කෙරේ.
THE EYE: රෝග නසන විශ්මිත ගුණ ඇති බණ්ඩක්කා

කරල් වල වර්ණය අනුව බණ්ඩක්කා දෙවර්ගයක් තිබේ.  කොල පාට හා රතු පාට කරල් වශයෙන්.

බණ්ඩක්කා, සිසිල් ගුණ දෙන හොඳ කෑමකි. ඇඟේ දැවිල්ල, මල බද්ධය, මුත්‍ර පිට කිරීමේ අපහසුව හා දැවිල්ල ඇති අයට ඉතා හොඳ බේතකී.

තද පීනසය, කැස්ස වැනි සෙම් ප්‍රබල රෝගවලට තනිකර බණ්ඩක්කා කෑම අගුණ ය. එහෙත් එළවළු හා මිශ්‍ර කර ව්‍යංජන සාදා කෑමෙන් අගුණයක් ඇති නොවේ.

අම්ල පිත්ත රෝගය සේ හඳුන්වන බඩේ දැවිල්ල හා ඔක්කාරය ඇති විට බණ්ඩක්කා කරල් පෙති ගසා ටික වේලාවක් පිරිසුදු වතුර වීදුරුවක් බහා තබා ගෙන ඒ වතුර බීමෙන් බඩේ ද දැවිල්ල අඩු වේ. 😊😊😊


Ayurvedic Plants of Sri Lanka: Plants Details


මුත්‍ර දැවිල්ල හා හීන මුත්‍ර ඇති විටද මෙය ඉතා ගුණය.

ශුක්‍රමේහය නමින් නිකරුණේ මුත්‍රා සමඟ ශුක්‍ර පිටවීමේ පීඩාව ඇති විටද, කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම යන  පීඩාවේදී ද මේ බණ්ඩක්කා දියර වතුර ඉතා ගුණය. අමුවෙන් කෑමට ද ගත හැකිය.







දැනුම "එළවළු ගුණ" පොතිනි.
-Najika-

ලියුම්කරුගේ තවත් ලිපි පහලින්








Thursday, May 21, 2020

ඩයිනෝසර්වරු තාම හිටියා නම් අපිට වෙන දේ







ස්ටෙනොනකොසෝරස් (Stenonychosaurus)  වඳවී නොගියේ නම් මිහිතලය මිනිසාට හිමි තැන ගැනීමට ඔවුන් සමත් වනු ඇත. 


Stenonychosaurus Dinosaur, facts - Stenonychosaurus history


උස අඩි හතර හමාරකි. ලොකු මොළයක් සහිත හිස, කොළ පැහැයට සමාන සම,  උරගයින්ට සමාන වූ කහපාට ඇස් සහිතව මිනිසා මෙන්ම දෙපයින් ඇවිදිමින් කුමන අන්දමේ තාක්ෂණයකට ඔව්හු හිමිකම් කියනු ඇත්ද.

ඔවුන් වඳවී නොගියේ නම් පෘථිවියේ ආධිපත්‍ය සඳහා ස්ටෙනොනකොසෝරස් (Stenonychosaurus) ඩයිනෝසරයා හා සටන් වැදීමට මිනිසාට සිදුවනු නිසැකය.

Troodon Sapiens - Dinosauroid Sculpture by Dale Russell and Ron ...
ස්ටෙනොනකොසෝරස් (Stenonychosaurus) අවුරුදු ගණනාවක් තිස්සේ පරිණාමය වූවා නම් අද මෙම සත්ත්වයා ගේ ස්වරූපය විද්‍යාඥයින්යින් දුටු අයුරු රූපයේ දැක්වේ.


ජීවය ආරම්භ වී අවුරුදු මිලියන ගණනක පරිණාමය අනතුරුව ජුරාසික් යුගය (Triassic, Jurassic, Cretaceous Period) කරා එළඹෙන විට ඩයිනෝසර වර්ග සත්වයන් මිහිතලය උරුමක්කාරයන් වී සිටියේය.

ඉතා කුඩා ශරීර මෙන්ම විවිධ ප්‍රමාණයෙන් විශාල ලෙස වැඩුණු ශරීර හිමි ඩයිනෝසරයන් ජීවත් විය. මේ අතර ටොන් ගණන් බර වූද, අඩි හැත්තෑ එකක් පමණ උස වූ සත්වයන් ද සිටියේය.

ඩයිනෝසර වර්ගයා මිහිමත තම ආධිපත්‍යය පැතිර වූයේ අදින් අවුරුදු මිලියන 247 - 266 අතර කාලයකදීය. මහපොළොව මත රිසි සේ සැරිසරමින් තමන් කැමැති ආහාර බුදිමින් ජීවත් වූ ඔවුන්ට අභියෝග කළ හැකි වූයේ ස්වභාව ධර්මයේ වෙනස් වීම් වලට පමණි.

Stenonychosaurus - Dinosauroid/Saurid | @ dinosaurs.greyfalcon.us ...
ඩයිනෝසර යුගය අවසාන කාලය වන විට මේ සතුන් මනුෂ්‍ය දේහයට සමාන ලක්ෂණ සහිතව පරිණාමය වීමට පටන් ගත් බවට සාක්ෂි තිබේ. ඩයිනෝසර් වර්ග කීපයක්ම දෙපයින් ඇවිද ගොස් තිබේ. මිනිසා මෙන් දෙඅත් ආහාර ගැනීමට ද, විවිද කාර්යයන් ඉටුකරගැනීම සඳහා ද භාවිත කොට තිබේ. මෙම සත්වයාගේ දෙඅත් වල ඇඟිලි මිනිසාගේ මෙන්ම බෙදී තිබුණු අතර නියපොතුද පිහිටා තිබුණි. අවුරුදු මිලියන ගණනාවක් පරිසරයට අනුගත වීමෙන් පරිසරය පිළිබඳ අවබෝධ කරගත හැකි තරමක දැනුමක් ලබා සිටින්නට ඇත.


අදින් වසර මිලියන 65 කට ඉහත දී විශාල උල්කාපාතයක් පෘථිවිය ගැටීම නිසා හටගත් විකිරණ බලපෑම් හේතුවෙන් ඩයිනෝසර වර්ගයා පෘථිවියෙන් වඳ වී යාම සිදුවිය. එවකට පෘථිවියෙ ඇතිවූ ආහාර හිඟය මෙන්ම පෘථිවිය මත ඇති වූ විකිරණශීලී තත්ත්වය නිසා ඩයිනොසෝර බිත්තර වල කටුව පුපුරා නොයාමෙන් බිහිවීමට සිටින පැටවුන් මියය යාමද ඩයිනෝසරයන්ගේ වඳවීමට හේතු කාරණාය.

දැනට සොයාගැනීමට හැකිවී තිබෙන දහස් ගණන් ඩයිනෝසර් පොසිල- හිස් කබල්, සැකිලි අතර තිබූ එක් ඩයිනෝසර් වර්ගයකට අයත් සුවිශේෂී හිස් කබලක් විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය. මේ පිළිබඳව පර්යේෂණ කළේ උතුරු කැරොලිනා (North Carolina) ස්වභාවික විද්‍යාව පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ඩේල් රසල් මහතාය (Prof. Dale Russel)

Stenonychosaurusහිස්කබල හිමි ඩයිනෝසරයා මිනිසාට වඩා තරමක් කුඩා ප්‍රමාණයක ශරීරයක හිමිකරුවෙකු විය. කබලේ මොල කුහර ඉතා විශාල අන්දමින් පිහිටා තිබිණි. හිස් කබලේ ස්වභාවය අනුව එය ඩයිනෝසර පරිණාමයේ දියුණු අවස්ථාවක තිබුණකි. විශේෂයෙන්ම මෙම හිස් කබල් හිමි ඩයිනෝසරයා දෙපයින් ඇවිද ගිය සත්වයෙකි.

ඩයිනෝසරයා පෘතුවියෙන් වඳවී නොගොස් තවදුරටත් පරිණාමය වූවා නම් මිනිසාට වඩා දියුණු මොළයක් සහිත සත්වයෙකු විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහස වී ඇත. මිනිසාට සිතීමට වත් අපහසු දියුණු තාක්ෂණයක් ඔවුන් සතු වන බවද නිසැකය. ආචාර්ය රසල් මහතාගේ පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ ඩයිනෝසරයාගේ හිස්කබල ආශ්‍රයෙන් එම සත්ත්වයාගේ කඳ නැවත නිර්මාණය කිරීමට සමත් විය. 

දැනුම පොත පතිනි.
-Najika-

ලියුම්කරුගේ තවත් ලියුම් පහලින්















Saturday, May 16, 2020

Foundation (Part 01)



ගොඩනැගිල්ලක ශක්තිය පවතින්නේ එහි ඇති අත්තිවාරම (Foundation) තුළ ය


R.C Pad Footing | 3D Warehouse



අත්තිවාරමක ප්‍රධාන පරමාර්ථය වන්නේ එයට ඉහළින් ඇති ගොඩනැගිල්ලේ ව්‍යුහය (Building Structure)  සෘජුව පවත්වා ගැනීම සහ ගොඩනැගිල්ලේ බර (Weight) පොළොව කරා සම්ප්‍රේෂණය (Transfer) කිරීමයි. 

මේ දිනවල අහස් ස්පර්ශ කරන උස් ගොඩනැඟිලිවල පාදම (Base) නැත්නම් අත්තිවාරම ගැන ඔබ දැන දැන ගත්තොත් පුදුම වනු නිසැකය. මක් නිසාද යත් එම පාදමේ ප්‍රමාණය (Base Size), ඒ සඳහා වැය කරනු ලබන වියදම හා කාලය විශාල වනුයේ පාදමක එහෙම නැත්නම් අත්තිවාරමක ඇති වැදගත්කම  නිසාය.

නව නිවසක් සැලසුම් කරන ඔබ  එහි ඇතුලත හා පිටත අලංකාරය වගේම එහි ඇති ව්‍යුහාත්මක කොටස් (Structural Elements) පිළිබඳවත් අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් කාරණයක්. 

එම නිසා පිටතින් කොච්චර අලංකාරවත්  වුවත් නිවැරදි පාදමක් නැතිනම් එම නිවස ජීවත්වීමට  නුසුදුසු අනාරක්ෂිත අවකාශයක් (Unsafe Space) වේ. ඔබගේ නිවස සැලසුම් කිරීමේදී ව්‍යුහාත්මක කොටස්  පිළිබඳව මනා දැනුමක් ඇති පළපුරුදු ඉංජිනේරුවරයකු හෝ සැලසුම් ශිල්පියකු යොදා ගැනීම ඉතාමත් අවශ්‍ය  කාරණාවක් .  

තවද ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ නිවෙස හදන්න එන කොන්ත්‍රාත්කරු (Contractor) එහෙමත් නැත්නම් බාසුන්නැහේ කියන විදියට අත්තිවාරම් දමන්න. එසේ කරන්නේ ඔබ එහි ඇති අනාරක්ෂිත බව නොදැන.  එම නිසා වැඩිපුර යම් මුදලක් වැයකර දැනුම්ක් සහිත ඉන්ජිනේරුවරයෙක් හෝ සැලසුම් ශිල්පියෙකු මුණ ගැසී ඔබගේ නිවස සැලසුම් කර ගැනීම වඩාත් යෝග්‍යයි.

Live Load Vs Dead Load | What Is Load in Civil : CivilJungle


Lithium Engineers  සමග වැඩ කරන ඉන්ජිනේරුවන් පවසන පරිදි ගොඩනැගිල්ලක අත්තිවාරමට ගොඩනැඟිල්ලේ මළ බර (Dead Load) වගේම සජීවී බරද (Live Load) පොලොවට සම්ප්‍රේශණය කිරීමේ හැකියාව පැවතිය යුතුය. මෙහිදී මළ බර (Dead Load) යනුවෙන් අදහස් කරන්නේ ගොඩනැගිල්ලේ ව්‍යුහයේ (Structure) බරයි. එය නියතව (Constant) පවතින භාරයකි. ඒ වගේම සජීවී බර (Live Load) යනු නිවසේ සිටින මිනිසුන්ගේ හා ගෘහ භාණ්ඩ ආදීන්ගේ භාරයන්.  ඒවා නිවස තුළ එහාට මෙහාට සංචරණය  වේ. එම නිසා  ඉහත සඳහන්  කළ භාරයන් දෙකම දරා ගැනීමට සහ එය නිසි පරිදි මහ පොලොවට සම්ප්‍රේශණය කිරීමට ශක්තමක් පාදමක්ව අවශ්‍ය වේ. 

තව ද පසේ දරාගැනීමේ හැකියාව (Bearing Capacity) පාදමේ විශාලත්වයට බලපායි.  එමනිසා කඳු සහිත (Hilly) ප්‍රදේශයක ඇති පාදමක විශාලත්වයම තෙතමනය (Wetland) සහිත ප්‍රදේශයකට යොදා ගැනීම සුදුසු නොවේ.  එයද විශේෂඥයකු ළවා සැලසුම් කරගැනීම අත්‍යවශ්‍යය.

Sadat Institute of Higher Education - Posts | Facebook


පාදමට අවශ්‍ය කම්බි ප්‍රමාණය (Number of Re-bars) හා එම කම්බි බැඳිය යුතු දුර ප්‍රමාණ (Spacing) නිවැරදිව ගණනය කිරීම්කින් සාදාගන්න. එසේ නොමැතිව ඔබට හෝ ඔබගේ කොන්ත්‍රාත්කරු ට අවශ්‍ය පරිදි කම්බි ප්‍රමාණය හෝ කම්බි අතර දුර ප්‍රමාණය තීරණය කිරීමේ බරපතලකම ඔබට පසුකලකදී වැටහෙනු ඇත. එම නිසා වැඩිපුර මුදලක් පාවිච්චි වුණත් සුදුසුකම් සහිත පුද්ගලයකු ලවා ඔබගේ නිවස සැලසුම් කර ගැනීම අනිවාර්ය කටයුත්තක්. 

ඔබගේ යහළුවාගේ නිවසට දැමූ පාදම විශාලත්වය කම්බි ප්‍රමාණය පාදම අතර දුර වැනි දේවල් ඔබගේ නිවසට කිසිසේත්ම සරිලන්නේ නැත. ඔබගේ යහළුවාගේ නිවසේ පරිසරයේ තිබෙන පරිසර තත්ත්ව නෙමෙයි ඔබගේ ඉඩමේ තියෙන්න. පස් (Soil) වෙනස් වෙන්න පුළුවන්.  තෙතමනේ (Moisture) වෙනස් වෙන්න පුළුවන්.  ඒ වගේම අර යාළුවගේ නිවසට වඩා ඔබගේ නිවසේ ව්‍යුහය (Structure) සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එම  නිසා වෙන කාගෙවත් කීමට ඔබගේ නිවසේ Foundation එක දැමීම අනුවණ ක්‍රියාවක්. 


Footing and Column – lightoff

ඔබගේ   නිවසක් පළපුරුදු  සැලසුම් කරුවන් හා ඉංජිනේරුවන්  අතින් සාධාරණ මුදලකට  සැලසුම් කර නිමවා ගැනීම්ට Lithium Engineers  ඔබට හොඳ තේරීමක් වනු නොඅනුමානය.

Plan & Build Your Dream Home with Lithium Engineers
House Construction Professionals



නිවස තුළ එළිය වැඩිකරගන්න විදි කීපයක්


ඔයාගේ ගේ ඇතුලේ එළිය අඩුයි වගේද,  එහෙනම් මෙන්න මේ ටික කරලා බලන්න.

8 Ways to Bring Natural Light into Your Home | Mosby Building Arts ...

ඔබ නිවසක් තැනීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණක් තමයි ස්වභාවික එළිය (Natural Light)  ඒම නැත්තං හිරු එළිය (Sun Light) අවශ්‍ය පරිදි ඔබගේ නිවෙස තුළට  පැමිණෙනවද  යන්න. මොකද අපි කවුරුත් කැමති නැහැ අඳුරු වූ කාමර වල ජීවත් වන්න. 

ඔබගේ නිවස හිරු  එලියට නිරාවරණය කිරීමෙන් නිවස ඇතුලත දීප්තිමත් කර වැඩි ඉඩක් ලබා දීම සිදු කරයි. 

පහත උපක්‍රම 5 භාවිත කිරීමෙන් නිවස තුළට පැමිණෙන  සූර්යාලෝකය වැඩිකරගැනීමට ඔබට උදව්වක් වේවි. 

1. ලා පැහැති තීන්ත භාවිතය


සාමාන්‍යයෙන් නිවසේ ඇතුළත බිත්ති (Internal Walls) වලට තද වර්ණ භාවිතය නිසා  හිරු එලිය අවශෝෂණය කරගන්නවා.  නමුත් ළා වර්ණ ආලේපකර ගැනීමෙන් ඔබගේ නිවසේ ඇතුළත බිත්තිය වඩාත් දීප්තිමත් අවකාශයක් ගෙන එයි. 

This Is How to Maximize Natural Light At Home | NONAGON.stye
ඔබට  නිවසේ ඇතුළත අවකාශය  තරම්ක් සීතල (Cool) කර ගැනීමට අවශ්‍ය වුවහොත් Brilliant White  තීන්ත ආලේප කරගන්න. ඒ වගේම තරම්ක් උණුසුම් (Warm) අවකාශයක්  අවශ්‍ය නම් ඒ සඳහා ඔබට  Off -White  ආලේප කර ගත හැක.

ඇතුලත බිත්ති වල ආලේප කළ වර්ණයට වඩා ළා වර්ණයක් සිවිලිමේ ආලේප කිරීම ඔබට  නිවසේ පොළොව මට්ටමේ සිට සිවිලිමට ඇති උස වැඩිකර පෙන්වයි. එමගින්  ඇතුළත  අවකාශය විශාල කර පෙන්වීම්ක් සිදු කරන බැවින් වඩා දීප්තියක් ගෙන දෙයි.

තවද දිලිසෙන (Shiny/Gloss) නිමාවකින් යුත් තීන්ත ආලේප මගින්  වැඩි ආලෝකයක්  බිත්ති අතර පරාවර්තනය කර දෙයි. එම්නිසා  Matt Paint එකකට වඩා Satin Paint එකක්  අපි නිර්දේශ කරන්නෙමු. 

2. දිලිසෙන පෘෂ්ඨ (Shiny Surfaces) භාවිතය


කුඩා නිදන කාමරයකට, මුලුතැන්ගෙයකට හෝ නානකාමරයට මේ උපක්‍රමය යොදා ගත හැක.  හැකිතාක් දිලිසෙන පෘෂ්ඨ භාවිතා කිරීමෙන් එම අවකාශය දීප්තිමත් හා විශාල කර පෙන්වයි.

3 Ways To Bring More Natural Light Into Your Home - Bedsheets Express

එම දිලිසෙන පෘෂ්ඨ පිටත ආලෝකය ඇතුලට පැමිණෙන කවුළු සමග මුසුවීමට තැබීමෙන් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළත බිත්ති මතට පරාවර්තනය(Reflect)  කර  දීමට සමත් වෙයි.

තවද සෑම විටම සුදු හෝ ක්‍රීම් පැහැයම යොදා ගැනීීම අත්‍යවශ්‍ය නැත.  එහි සඳහා ඔබට අළු පැහැය, ළා නිල් පැහැය වැනි වර්ණ ද භාවිතා කළ හැක. 

මුළුතැන්ගෙයට  දිලිසෙන ලෝහ  පෘෂ්ඨ සහිත මෙවලම් වගේම නාන කාමරේට තරම්ක් වී විශාල කණ්ණාඩියක් භාවිතයෙන් ස්වභාවික  එළිය මනාව හසුරුවා ගත හැක.   එයින්   කුඩා මුළුතන්ගෙය වගේම නාන කාමරය ද තරමක් විශාල කර පෙන්වයි.

3. ගෙබිමේ නිමාව (Floor Finishes)


ඔප දැමූ නිමාවක් සහිත ටයිල්, දැව,  titanium, terrazzo වගේ දේවල්වලින් නිවසේ පොළොව නිමා කර ගැනීමෙන් නිවසේ අභ්‍යන්තර අවකාශයට මනා නිමාවක් වගේම දීප්තියක්ද ගෙන දෙයි.

Natural Light Keeps You Healthy - Home Tips for Women


තවද ගෙබිම අලංකරණයට කාපට් වර්ග යොදා ගැනීම,  දීප්තිය වගේම ආලෝක පරාවර්තනය ද තරමක් දුරට අවම කරයි.  ඔබට කාපට් අතුරා ගැනීම්ට අවශ්‍ය නම් ඒ සඳහා ලා පැහැති කාපට් යොදා ගැනීම් සුදුසු වේ.

4. විශාල හා උස් කවුළු භාවිතය


හැකි සෑම විටකම තරමක් උස් කවුළු භාවිතය ස්වභාවික එළිය ගේ තුලට පැමිණීමට මහත් ප්‍රයෝජනයක් වෙයි.  දෙපැත්තට අරින බිම් මට්ටමට ම වන ජනේල භාවිතය හොඳ නිර්දේශයක් වනු නොඅනුමානය. 
Increasing the Natural Light in your Home - Efficiency Home ...


තවද නිවසේ පැතිවල පිහිටි දොරවල් වීදුරුවලින් (Glass Doors) නිමා කර ගැනීම ද එක්  උපක්‍රමයක් වේ.

ජනෙල් වල වීදුරු ඇතුළතින් වගේම පිටතින්ද නිතිපතා පිරිසිදු කිරීම හිරුඑලිය බාධාවකින් තොරව ඇතුළට ගලා ඒමට මහත් රුකුලක් වේ. තවද මිදුලේ තිබෙන හිරු එළිය නිවසට පැමිණීමට බාධා කරන ශාක,  හානියක් නොවන පරිදි හැකිනම් කප්පාදු කිරීම ද ඔබට කළ හැක.  නමුත් එය එතරම්ම නිර්දේශිත කාර්යයක් නොවේ.

5. අඳුරු පැහැ ගෘහ භාණ්ඩ අඩුවෙන් භාවිතය


නිවසේ සාලයේ අඳුරුු පැහැති ගෘහ භාණ්ඩ වෙනුවට ලා පැහැති ගෘහ භාණ්ඩ භාවිතයට ගැනීමෙන් අලංකාරයක් වගේම දීප්තිමත් බවක්ද ලබාදේ.

Sofa Cama | Colorful Sofa That's Suitable Combined with Spacious Room 


තවද කවුළු හරහා පැමිනෙන ආලෝකය  හරස් වන ලෙස  ගෘහ  භණ්ඩ නොතබන්න.

ආලෝකය විනිවිද නොයන අඳුරු පැහැති තිරරෙදි (Curtains) භාවිතයෙන් ද හැකිතාක් දුරස්වීම් ඔබගේ නිවසේ දීප්තිය හා අලංකරණයට මහත් රුකුලක් වෙයි.

ඔබගේ නිවස ඉතා අලංකාරව සැලසුම් කර ගැනීමට Lithium Engineers සමගින් එකතු වන්න.


Build Your Dream Home with Lithium Engineers

"House Construction Professionals"

Contact 077 199 64 60