සිංහල බසින් බණ්ඩක්කා යයි කිව්වද එය සකු බසින් ආ නමකි. "භිණ්ඩි" යනු සකූ නමය. දෙමළ බසින් වණ්ඩක්කායි යනු බණ්ඩක්කා ලෙස සිංහල බසට ආවේය. ලංකාව හා ඉන්දියාවේ පහසුවෙන් හා බහුලව බණ්ඩක්කා වගා කෙරේ.
කරල් වල වර්ණය අනුව බණ්ඩක්කා දෙවර්ගයක් තිබේ. කොල පාට හා රතු පාට කරල් වශයෙන්.
බණ්ඩක්කා, සිසිල් ගුණ දෙන හොඳ කෑමකි. ඇඟේ දැවිල්ල, මල බද්ධය, මුත්‍ර පිට කිරීමේ අපහසුව හා දැවිල්ල ඇති අයට ඉතා හොඳ බේතකී.
තද පීනසය, කැස්ස වැනි සෙම් ප්‍රබල රෝගවලට තනිකර බණ්ඩක්කා කෑම අගුණ ය. එහෙත් එළවළු හා මිශ්‍ර කර ව්‍යංජන සාදා කෑමෙන් අගුණයක් ඇති නොවේ.
අම්ල පිත්ත රෝගය සේ හඳුන්වන බඩේ දැවිල්ල හා ඔක්කාරය ඇති විට බණ්ඩක්කා කරල් පෙති ගසා ටික වේලාවක් පිරිසුදු වතුර වීදුරුවක් බහා තබා ගෙන ඒ වතුර බීමෙන් බඩේ ද දැවිල්ල අඩු වේ. 😊😊😊
මුත්‍ර දැවිල්ල හා හීන මුත්‍ර ඇති විටද මෙය ඉතා ගුණය.
ශුක්‍රමේහය නමින් නිකරුණේ මුත්‍රා සමඟ ශුක්‍ර පිටවීමේ පීඩාව ඇති විටද, කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම යන පීඩාවේදී ද මේ බණ්ඩක්කා දියර වතුර ඉතා ගුණය. අමුවෙන් කෑමට ද ගත හැකිය.
හරියටම බණ්ඩක්කා තෙම්පරාදු කරන්නේ මෙහෙමයි - [Video]
දැනුම "එළවළු ගුණ" පොතිනි.
-Najika-
-Najika-
ලියුම්කරුගේ තවත් ලිපි පහලින්
- මළබතට වට්ටක්කා අනිවාර්ය ඇයි? - [Read]
- අත්තිවාරම දාන්නේ කාගේ උවමනාවට ද? - [Read]
- ගොටුකොළ අගුණ කාට ද? - [Read]
No comments:
Post a Comment