Friday, May 22, 2020

බණ්ඩක්කා වලට ඒ නම ලැබුණේ කොහෙන් ද?

සිංහල බසින් බණ්ඩක්කා යයි කිව්වද එය සකු බසින් ආ නමකි.  "භිණ්ඩි" යනු සකූ නමය. දෙමළ බසින් වණ්ඩක්කායි යනු බණ්ඩක්කා ලෙස සිංහල බසට ආවේය.  ලංකාව හා ඉන්දියාවේ පහසුවෙන් හා බහුලව බණ්ඩක්කා වගා කෙරේ.
THE EYE: රෝග නසන විශ්මිත ගුණ ඇති බණ්ඩක්කා

කරල් වල වර්ණය අනුව බණ්ඩක්කා දෙවර්ගයක් තිබේ.  කොල පාට හා රතු පාට කරල් වශයෙන්.

බණ්ඩක්කා, සිසිල් ගුණ දෙන හොඳ කෑමකි. ඇඟේ දැවිල්ල, මල බද්ධය, මුත්‍ර පිට කිරීමේ අපහසුව හා දැවිල්ල ඇති අයට ඉතා හොඳ බේතකී.

තද පීනසය, කැස්ස වැනි සෙම් ප්‍රබල රෝගවලට තනිකර බණ්ඩක්කා කෑම අගුණ ය. එහෙත් එළවළු හා මිශ්‍ර කර ව්‍යංජන සාදා කෑමෙන් අගුණයක් ඇති නොවේ.

අම්ල පිත්ත රෝගය සේ හඳුන්වන බඩේ දැවිල්ල හා ඔක්කාරය ඇති විට බණ්ඩක්කා කරල් පෙති ගසා ටික වේලාවක් පිරිසුදු වතුර වීදුරුවක් බහා තබා ගෙන ඒ වතුර බීමෙන් බඩේ ද දැවිල්ල අඩු වේ. 😊😊😊


Ayurvedic Plants of Sri Lanka: Plants Details


මුත්‍ර දැවිල්ල හා හීන මුත්‍ර ඇති විටද මෙය ඉතා ගුණය.

ශුක්‍රමේහය නමින් නිකරුණේ මුත්‍රා සමඟ ශුක්‍ර පිටවීමේ පීඩාව ඇති විටද, කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම යන  පීඩාවේදී ද මේ බණ්ඩක්කා දියර වතුර ඉතා ගුණය. අමුවෙන් කෑමට ද ගත හැකිය.







දැනුම "එළවළු ගුණ" පොතිනි.
-Najika-

ලියුම්කරුගේ තවත් ලිපි පහලින්








Thursday, May 21, 2020

ඩයිනෝසර්වරු තාම හිටියා නම් අපිට වෙන දේ







ස්ටෙනොනකොසෝරස් (Stenonychosaurus)  වඳවී නොගියේ නම් මිහිතලය මිනිසාට හිමි තැන ගැනීමට ඔවුන් සමත් වනු ඇත. 


Stenonychosaurus Dinosaur, facts - Stenonychosaurus history


උස අඩි හතර හමාරකි. ලොකු මොළයක් සහිත හිස, කොළ පැහැයට සමාන සම,  උරගයින්ට සමාන වූ කහපාට ඇස් සහිතව මිනිසා මෙන්ම දෙපයින් ඇවිදිමින් කුමන අන්දමේ තාක්ෂණයකට ඔව්හු හිමිකම් කියනු ඇත්ද.

ඔවුන් වඳවී නොගියේ නම් පෘථිවියේ ආධිපත්‍ය සඳහා ස්ටෙනොනකොසෝරස් (Stenonychosaurus) ඩයිනෝසරයා හා සටන් වැදීමට මිනිසාට සිදුවනු නිසැකය.

Troodon Sapiens - Dinosauroid Sculpture by Dale Russell and Ron ...
ස්ටෙනොනකොසෝරස් (Stenonychosaurus) අවුරුදු ගණනාවක් තිස්සේ පරිණාමය වූවා නම් අද මෙම සත්ත්වයා ගේ ස්වරූපය විද්‍යාඥයින්යින් දුටු අයුරු රූපයේ දැක්වේ.


ජීවය ආරම්භ වී අවුරුදු මිලියන ගණනක පරිණාමය අනතුරුව ජුරාසික් යුගය (Triassic, Jurassic, Cretaceous Period) කරා එළඹෙන විට ඩයිනෝසර වර්ග සත්වයන් මිහිතලය උරුමක්කාරයන් වී සිටියේය.

ඉතා කුඩා ශරීර මෙන්ම විවිධ ප්‍රමාණයෙන් විශාල ලෙස වැඩුණු ශරීර හිමි ඩයිනෝසරයන් ජීවත් විය. මේ අතර ටොන් ගණන් බර වූද, අඩි හැත්තෑ එකක් පමණ උස වූ සත්වයන් ද සිටියේය.

ඩයිනෝසර වර්ගයා මිහිමත තම ආධිපත්‍යය පැතිර වූයේ අදින් අවුරුදු මිලියන 247 - 266 අතර කාලයකදීය. මහපොළොව මත රිසි සේ සැරිසරමින් තමන් කැමැති ආහාර බුදිමින් ජීවත් වූ ඔවුන්ට අභියෝග කළ හැකි වූයේ ස්වභාව ධර්මයේ වෙනස් වීම් වලට පමණි.

Stenonychosaurus - Dinosauroid/Saurid | @ dinosaurs.greyfalcon.us ...
ඩයිනෝසර යුගය අවසාන කාලය වන විට මේ සතුන් මනුෂ්‍ය දේහයට සමාන ලක්ෂණ සහිතව පරිණාමය වීමට පටන් ගත් බවට සාක්ෂි තිබේ. ඩයිනෝසර් වර්ග කීපයක්ම දෙපයින් ඇවිද ගොස් තිබේ. මිනිසා මෙන් දෙඅත් ආහාර ගැනීමට ද, විවිද කාර්යයන් ඉටුකරගැනීම සඳහා ද භාවිත කොට තිබේ. මෙම සත්වයාගේ දෙඅත් වල ඇඟිලි මිනිසාගේ මෙන්ම බෙදී තිබුණු අතර නියපොතුද පිහිටා තිබුණි. අවුරුදු මිලියන ගණනාවක් පරිසරයට අනුගත වීමෙන් පරිසරය පිළිබඳ අවබෝධ කරගත හැකි තරමක දැනුමක් ලබා සිටින්නට ඇත.


අදින් වසර මිලියන 65 කට ඉහත දී විශාල උල්කාපාතයක් පෘථිවිය ගැටීම නිසා හටගත් විකිරණ බලපෑම් හේතුවෙන් ඩයිනෝසර වර්ගයා පෘථිවියෙන් වඳ වී යාම සිදුවිය. එවකට පෘථිවියෙ ඇතිවූ ආහාර හිඟය මෙන්ම පෘථිවිය මත ඇති වූ විකිරණශීලී තත්ත්වය නිසා ඩයිනොසෝර බිත්තර වල කටුව පුපුරා නොයාමෙන් බිහිවීමට සිටින පැටවුන් මියය යාමද ඩයිනෝසරයන්ගේ වඳවීමට හේතු කාරණාය.

දැනට සොයාගැනීමට හැකිවී තිබෙන දහස් ගණන් ඩයිනෝසර් පොසිල- හිස් කබල්, සැකිලි අතර තිබූ එක් ඩයිනෝසර් වර්ගයකට අයත් සුවිශේෂී හිස් කබලක් විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය. මේ පිළිබඳව පර්යේෂණ කළේ උතුරු කැරොලිනා (North Carolina) ස්වභාවික විද්‍යාව පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ඩේල් රසල් මහතාය (Prof. Dale Russel)

Stenonychosaurusහිස්කබල හිමි ඩයිනෝසරයා මිනිසාට වඩා තරමක් කුඩා ප්‍රමාණයක ශරීරයක හිමිකරුවෙකු විය. කබලේ මොල කුහර ඉතා විශාල අන්දමින් පිහිටා තිබිණි. හිස් කබලේ ස්වභාවය අනුව එය ඩයිනෝසර පරිණාමයේ දියුණු අවස්ථාවක තිබුණකි. විශේෂයෙන්ම මෙම හිස් කබල් හිමි ඩයිනෝසරයා දෙපයින් ඇවිද ගිය සත්වයෙකි.

ඩයිනෝසරයා පෘතුවියෙන් වඳවී නොගොස් තවදුරටත් පරිණාමය වූවා නම් මිනිසාට වඩා දියුණු මොළයක් සහිත සත්වයෙකු විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහස වී ඇත. මිනිසාට සිතීමට වත් අපහසු දියුණු තාක්ෂණයක් ඔවුන් සතු වන බවද නිසැකය. ආචාර්ය රසල් මහතාගේ පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ ඩයිනෝසරයාගේ හිස්කබල ආශ්‍රයෙන් එම සත්ත්වයාගේ කඳ නැවත නිර්මාණය කිරීමට සමත් විය. 

දැනුම පොත පතිනි.
-Najika-

ලියුම්කරුගේ තවත් ලියුම් පහලින්















Saturday, May 16, 2020

Foundation (Part 01)



ගොඩනැගිල්ලක ශක්තිය පවතින්නේ එහි ඇති අත්තිවාරම (Foundation) තුළ ය


R.C Pad Footing | 3D Warehouse



අත්තිවාරමක ප්‍රධාන පරමාර්ථය වන්නේ එයට ඉහළින් ඇති ගොඩනැගිල්ලේ ව්‍යුහය (Building Structure)  සෘජුව පවත්වා ගැනීම සහ ගොඩනැගිල්ලේ බර (Weight) පොළොව කරා සම්ප්‍රේෂණය (Transfer) කිරීමයි. 

මේ දිනවල අහස් ස්පර්ශ කරන උස් ගොඩනැඟිලිවල පාදම (Base) නැත්නම් අත්තිවාරම ගැන ඔබ දැන දැන ගත්තොත් පුදුම වනු නිසැකය. මක් නිසාද යත් එම පාදමේ ප්‍රමාණය (Base Size), ඒ සඳහා වැය කරනු ලබන වියදම හා කාලය විශාල වනුයේ පාදමක එහෙම නැත්නම් අත්තිවාරමක ඇති වැදගත්කම  නිසාය.

නව නිවසක් සැලසුම් කරන ඔබ  එහි ඇතුලත හා පිටත අලංකාරය වගේම එහි ඇති ව්‍යුහාත්මක කොටස් (Structural Elements) පිළිබඳවත් අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් කාරණයක්. 

එම නිසා පිටතින් කොච්චර අලංකාරවත්  වුවත් නිවැරදි පාදමක් නැතිනම් එම නිවස ජීවත්වීමට  නුසුදුසු අනාරක්ෂිත අවකාශයක් (Unsafe Space) වේ. ඔබගේ නිවස සැලසුම් කිරීමේදී ව්‍යුහාත්මක කොටස්  පිළිබඳව මනා දැනුමක් ඇති පළපුරුදු ඉංජිනේරුවරයකු හෝ සැලසුම් ශිල්පියකු යොදා ගැනීම ඉතාමත් අවශ්‍ය  කාරණාවක් .  

තවද ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ නිවෙස හදන්න එන කොන්ත්‍රාත්කරු (Contractor) එහෙමත් නැත්නම් බාසුන්නැහේ කියන විදියට අත්තිවාරම් දමන්න. එසේ කරන්නේ ඔබ එහි ඇති අනාරක්ෂිත බව නොදැන.  එම නිසා වැඩිපුර යම් මුදලක් වැයකර දැනුම්ක් සහිත ඉන්ජිනේරුවරයෙක් හෝ සැලසුම් ශිල්පියෙකු මුණ ගැසී ඔබගේ නිවස සැලසුම් කර ගැනීම වඩාත් යෝග්‍යයි.

Live Load Vs Dead Load | What Is Load in Civil : CivilJungle


Lithium Engineers  සමග වැඩ කරන ඉන්ජිනේරුවන් පවසන පරිදි ගොඩනැගිල්ලක අත්තිවාරමට ගොඩනැඟිල්ලේ මළ බර (Dead Load) වගේම සජීවී බරද (Live Load) පොලොවට සම්ප්‍රේශණය කිරීමේ හැකියාව පැවතිය යුතුය. මෙහිදී මළ බර (Dead Load) යනුවෙන් අදහස් කරන්නේ ගොඩනැගිල්ලේ ව්‍යුහයේ (Structure) බරයි. එය නියතව (Constant) පවතින භාරයකි. ඒ වගේම සජීවී බර (Live Load) යනු නිවසේ සිටින මිනිසුන්ගේ හා ගෘහ භාණ්ඩ ආදීන්ගේ භාරයන්.  ඒවා නිවස තුළ එහාට මෙහාට සංචරණය  වේ. එම නිසා  ඉහත සඳහන්  කළ භාරයන් දෙකම දරා ගැනීමට සහ එය නිසි පරිදි මහ පොලොවට සම්ප්‍රේශණය කිරීමට ශක්තමක් පාදමක්ව අවශ්‍ය වේ. 

තව ද පසේ දරාගැනීමේ හැකියාව (Bearing Capacity) පාදමේ විශාලත්වයට බලපායි.  එමනිසා කඳු සහිත (Hilly) ප්‍රදේශයක ඇති පාදමක විශාලත්වයම තෙතමනය (Wetland) සහිත ප්‍රදේශයකට යොදා ගැනීම සුදුසු නොවේ.  එයද විශේෂඥයකු ළවා සැලසුම් කරගැනීම අත්‍යවශ්‍යය.

Sadat Institute of Higher Education - Posts | Facebook


පාදමට අවශ්‍ය කම්බි ප්‍රමාණය (Number of Re-bars) හා එම කම්බි බැඳිය යුතු දුර ප්‍රමාණ (Spacing) නිවැරදිව ගණනය කිරීම්කින් සාදාගන්න. එසේ නොමැතිව ඔබට හෝ ඔබගේ කොන්ත්‍රාත්කරු ට අවශ්‍ය පරිදි කම්බි ප්‍රමාණය හෝ කම්බි අතර දුර ප්‍රමාණය තීරණය කිරීමේ බරපතලකම ඔබට පසුකලකදී වැටහෙනු ඇත. එම නිසා වැඩිපුර මුදලක් පාවිච්චි වුණත් සුදුසුකම් සහිත පුද්ගලයකු ලවා ඔබගේ නිවස සැලසුම් කර ගැනීම අනිවාර්ය කටයුත්තක්. 

ඔබගේ යහළුවාගේ නිවසට දැමූ පාදම විශාලත්වය කම්බි ප්‍රමාණය පාදම අතර දුර වැනි දේවල් ඔබගේ නිවසට කිසිසේත්ම සරිලන්නේ නැත. ඔබගේ යහළුවාගේ නිවසේ පරිසරයේ තිබෙන පරිසර තත්ත්ව නෙමෙයි ඔබගේ ඉඩමේ තියෙන්න. පස් (Soil) වෙනස් වෙන්න පුළුවන්.  තෙතමනේ (Moisture) වෙනස් වෙන්න පුළුවන්.  ඒ වගේම අර යාළුවගේ නිවසට වඩා ඔබගේ නිවසේ ව්‍යුහය (Structure) සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එම  නිසා වෙන කාගෙවත් කීමට ඔබගේ නිවසේ Foundation එක දැමීම අනුවණ ක්‍රියාවක්. 


Footing and Column – lightoff

ඔබගේ   නිවසක් පළපුරුදු  සැලසුම් කරුවන් හා ඉංජිනේරුවන්  අතින් සාධාරණ මුදලකට  සැලසුම් කර නිමවා ගැනීම්ට Lithium Engineers  ඔබට හොඳ තේරීමක් වනු නොඅනුමානය.

Plan & Build Your Dream Home with Lithium Engineers
House Construction Professionals



නිවස තුළ එළිය වැඩිකරගන්න විදි කීපයක්


ඔයාගේ ගේ ඇතුලේ එළිය අඩුයි වගේද,  එහෙනම් මෙන්න මේ ටික කරලා බලන්න.

8 Ways to Bring Natural Light into Your Home | Mosby Building Arts ...

ඔබ නිවසක් තැනීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණක් තමයි ස්වභාවික එළිය (Natural Light)  ඒම නැත්තං හිරු එළිය (Sun Light) අවශ්‍ය පරිදි ඔබගේ නිවෙස තුළට  පැමිණෙනවද  යන්න. මොකද අපි කවුරුත් කැමති නැහැ අඳුරු වූ කාමර වල ජීවත් වන්න. 

ඔබගේ නිවස හිරු  එලියට නිරාවරණය කිරීමෙන් නිවස ඇතුලත දීප්තිමත් කර වැඩි ඉඩක් ලබා දීම සිදු කරයි. 

පහත උපක්‍රම 5 භාවිත කිරීමෙන් නිවස තුළට පැමිණෙන  සූර්යාලෝකය වැඩිකරගැනීමට ඔබට උදව්වක් වේවි. 

1. ලා පැහැති තීන්ත භාවිතය


සාමාන්‍යයෙන් නිවසේ ඇතුළත බිත්ති (Internal Walls) වලට තද වර්ණ භාවිතය නිසා  හිරු එලිය අවශෝෂණය කරගන්නවා.  නමුත් ළා වර්ණ ආලේපකර ගැනීමෙන් ඔබගේ නිවසේ ඇතුළත බිත්තිය වඩාත් දීප්තිමත් අවකාශයක් ගෙන එයි. 

This Is How to Maximize Natural Light At Home | NONAGON.stye
ඔබට  නිවසේ ඇතුළත අවකාශය  තරම්ක් සීතල (Cool) කර ගැනීමට අවශ්‍ය වුවහොත් Brilliant White  තීන්ත ආලේප කරගන්න. ඒ වගේම තරම්ක් උණුසුම් (Warm) අවකාශයක්  අවශ්‍ය නම් ඒ සඳහා ඔබට  Off -White  ආලේප කර ගත හැක.

ඇතුලත බිත්ති වල ආලේප කළ වර්ණයට වඩා ළා වර්ණයක් සිවිලිමේ ආලේප කිරීම ඔබට  නිවසේ පොළොව මට්ටමේ සිට සිවිලිමට ඇති උස වැඩිකර පෙන්වයි. එමගින්  ඇතුළත  අවකාශය විශාල කර පෙන්වීම්ක් සිදු කරන බැවින් වඩා දීප්තියක් ගෙන දෙයි.

තවද දිලිසෙන (Shiny/Gloss) නිමාවකින් යුත් තීන්ත ආලේප මගින්  වැඩි ආලෝකයක්  බිත්ති අතර පරාවර්තනය කර දෙයි. එම්නිසා  Matt Paint එකකට වඩා Satin Paint එකක්  අපි නිර්දේශ කරන්නෙමු. 

2. දිලිසෙන පෘෂ්ඨ (Shiny Surfaces) භාවිතය


කුඩා නිදන කාමරයකට, මුලුතැන්ගෙයකට හෝ නානකාමරයට මේ උපක්‍රමය යොදා ගත හැක.  හැකිතාක් දිලිසෙන පෘෂ්ඨ භාවිතා කිරීමෙන් එම අවකාශය දීප්තිමත් හා විශාල කර පෙන්වයි.

3 Ways To Bring More Natural Light Into Your Home - Bedsheets Express

එම දිලිසෙන පෘෂ්ඨ පිටත ආලෝකය ඇතුලට පැමිණෙන කවුළු සමග මුසුවීමට තැබීමෙන් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළත බිත්ති මතට පරාවර්තනය(Reflect)  කර  දීමට සමත් වෙයි.

තවද සෑම විටම සුදු හෝ ක්‍රීම් පැහැයම යොදා ගැනීීම අත්‍යවශ්‍ය නැත.  එහි සඳහා ඔබට අළු පැහැය, ළා නිල් පැහැය වැනි වර්ණ ද භාවිතා කළ හැක. 

මුළුතැන්ගෙයට  දිලිසෙන ලෝහ  පෘෂ්ඨ සහිත මෙවලම් වගේම නාන කාමරේට තරම්ක් වී විශාල කණ්ණාඩියක් භාවිතයෙන් ස්වභාවික  එළිය මනාව හසුරුවා ගත හැක.   එයින්   කුඩා මුළුතන්ගෙය වගේම නාන කාමරය ද තරමක් විශාල කර පෙන්වයි.

3. ගෙබිමේ නිමාව (Floor Finishes)


ඔප දැමූ නිමාවක් සහිත ටයිල්, දැව,  titanium, terrazzo වගේ දේවල්වලින් නිවසේ පොළොව නිමා කර ගැනීමෙන් නිවසේ අභ්‍යන්තර අවකාශයට මනා නිමාවක් වගේම දීප්තියක්ද ගෙන දෙයි.

Natural Light Keeps You Healthy - Home Tips for Women


තවද ගෙබිම අලංකරණයට කාපට් වර්ග යොදා ගැනීම,  දීප්තිය වගේම ආලෝක පරාවර්තනය ද තරමක් දුරට අවම කරයි.  ඔබට කාපට් අතුරා ගැනීම්ට අවශ්‍ය නම් ඒ සඳහා ලා පැහැති කාපට් යොදා ගැනීම් සුදුසු වේ.

4. විශාල හා උස් කවුළු භාවිතය


හැකි සෑම විටකම තරමක් උස් කවුළු භාවිතය ස්වභාවික එළිය ගේ තුලට පැමිණීමට මහත් ප්‍රයෝජනයක් වෙයි.  දෙපැත්තට අරින බිම් මට්ටමට ම වන ජනේල භාවිතය හොඳ නිර්දේශයක් වනු නොඅනුමානය. 
Increasing the Natural Light in your Home - Efficiency Home ...


තවද නිවසේ පැතිවල පිහිටි දොරවල් වීදුරුවලින් (Glass Doors) නිමා කර ගැනීම ද එක්  උපක්‍රමයක් වේ.

ජනෙල් වල වීදුරු ඇතුළතින් වගේම පිටතින්ද නිතිපතා පිරිසිදු කිරීම හිරුඑලිය බාධාවකින් තොරව ඇතුළට ගලා ඒමට මහත් රුකුලක් වේ. තවද මිදුලේ තිබෙන හිරු එළිය නිවසට පැමිණීමට බාධා කරන ශාක,  හානියක් නොවන පරිදි හැකිනම් කප්පාදු කිරීම ද ඔබට කළ හැක.  නමුත් එය එතරම්ම නිර්දේශිත කාර්යයක් නොවේ.

5. අඳුරු පැහැ ගෘහ භාණ්ඩ අඩුවෙන් භාවිතය


නිවසේ සාලයේ අඳුරුු පැහැති ගෘහ භාණ්ඩ වෙනුවට ලා පැහැති ගෘහ භාණ්ඩ භාවිතයට ගැනීමෙන් අලංකාරයක් වගේම දීප්තිමත් බවක්ද ලබාදේ.

Sofa Cama | Colorful Sofa That's Suitable Combined with Spacious Room 


තවද කවුළු හරහා පැමිනෙන ආලෝකය  හරස් වන ලෙස  ගෘහ  භණ්ඩ නොතබන්න.

ආලෝකය විනිවිද නොයන අඳුරු පැහැති තිරරෙදි (Curtains) භාවිතයෙන් ද හැකිතාක් දුරස්වීම් ඔබගේ නිවසේ දීප්තිය හා අලංකරණයට මහත් රුකුලක් වෙයි.

ඔබගේ නිවස ඉතා අලංකාරව සැලසුම් කර ගැනීමට Lithium Engineers සමගින් එකතු වන්න.


Build Your Dream Home with Lithium Engineers

"House Construction Professionals"

Contact 077 199 64 60








  


  


  




Thursday, May 14, 2020

ගේ ඇතුලේ ඉඩ වැඩි කරගන්න ක්‍රම



ඔබගේ නිවසෙත් ඉඩ අඩුයි වගේ හැඟෙනවාද. මෙන්න විසඳුම් 6ක්. 










ඔබේ නිවසේ ඇති ඉඩකඩ ඉතා සීමිත නම් එය ඔබගේ හිතට මහත් කරදරකාරි හැඟීමක් ගෙන දෙන බව නිසැකය. ඒයට පිළියම් ලෙස විවිද උපක්‍රම ඔබට භාවිතා කරන්න පුලුවන්.









උපක්‍රම විශාල ප්‍රමාණයක් අතුරින් ඉතා සරල ක්‍රම 6ක් පිලිබද අද කතා කරනවා.


ඉදිරි ලිපි වලින් ඒ උපක්‍රම සියල්ලම ගැන කතා කරන්න පුලුවන් වෙයි අපිට. ඒහෙනම් බලමු මොනවද ඒ පිලියම් 6 කියලා.

1. හැකි සෑම විටම උස කවුළු යොදාගන්න

කවුළු-බිත්ති අනුපාතය අඩුකරගැනීමට පුලුවන් හැම විට තරමක් උස කවුළු භාවිතා කරන්න මතක තබා ගන්න. එයින් ඔබේ නිවස ආලෝකමත් වී ඕනෑම අභ්‍යන්තර මෝස්තරයක් (Interior Design) දීප්තිමත් කර ඒවට නව පණක් ලබදෙයි.



9 Treatments for High Windows



2. බිම සිට සිවිලිම දක්වා වූ රාක්ක

ඔබ ඔබේ බිත්තිවලට බිම සිට සිවිලිම දක්වා පොත් රාක්ක එක් කිරීමට උත්සාහ කරන්න. එමඟින් ඔබේ අයිතම (Items) ඇසිරීමට හැකි අතර එයින් නිවසේ ගොඩක් දේවල් සංවිදානාත්මකව ගබඩා කිරීමටද පුලුවන්.



Taken from floor to ceiling shelves in the living room | Interior ...


3. පඩිපෙළ යට අවකාශය භාවිතා කිරීම

ඔබට ඇත්තේ දෙමහල් කුඩා නිවසක් නම් අනිවාර්‍යෙන් ඇතුලත පඩුපෙල පහල ප්‍රයෝජනයට නොගත් හිස් ඉඩක් ඉතුරු වී ඇත. එයද මනාව කුඩා භාණඩ බහාලිය හැකි පරිදි කුඩා ගබඩාවක් (Storage Compartment) බවට පත් කල හැකිය.  


Open shelves under stairs … | Staircase storage, House stairs ...


4. Sliding Doors භාවිතය

සාමාන්‍යෙන් දොරක් විවෘත කිරීමට යම්කිසි ඉඩක් වැයවෙනවා. ඔබට ඇත්තේ කුඩා නිවසක් නම් ඒ ඉඩ අපතේ නොයවන්න. ඒ සඳහා පැත්තට තල්ලු කරන දොරවල් (Sliding Doors) ඔබේ කාමර වලට යොදාගන්න.


China Bedroom Warmful Sliding Door, Strong Oak Wood Door Design ...




5.සෑම දෙයක්ම රාක්ක ගත කරන්න

විශාල සංවෘත කැබිනට් වෙනුවට බිත්තිවලටම සවි වූ විවෘත රාක්ක වල විවිද දේ බහාලන්නට යොදා ගැනීමෙන්ද ඔබට තරමක ඉඩක් ඉතුරු කරගන්න පුලුවන්.


Butler's Pantry | Pantry room, Butler pantry, Shelves

6. උස අඩු ගෘහභාණඩ භාවිතය

පොලව මට්ටමේ සිට සිවිලිමට ඇති උස තරමක් අඩු නම් උසින් අඩු සෝෆා කට්ටල, ඇඳන්, පුටු වගේ දේ භාවිතයෙන් ඒ අපට දැනෙන උස අඩු බව තරමක් හෝ නැති කරගන්න පුලුවන්


Sony turns their 4k Ultra Short Throw Projector into high-end ...

ඔබට තියෙන්නේ පර්චස් 10ක් හෝ අඩු ඉඩමක් නම් එම කුඩා ඉඩකඩ මනාව කළමණාකරණය කරමින් පිලිවෙලට හා ලස්සනට ඔබගේ නිවස සැළසුම් කරගැනීමට Lithium Engineers හොඳම තේරීමක් වන බව නොඅනුමානය.



Build Your Dream Home with Lithium Engineers

"House Construction Professionals"

Mobile 077 199 64 60














Tuesday, May 12, 2020

Plan Your Dream Home | EP-01


ඔයාගේ සිහින නිවහන යථාර්තයක් කර ගන්න ඕනද?  



ඔබේ නව නිවස තැනීම ඔබට අත්දැකීමක්  වුවද​ ඔබේ කොන්ත්‍රාත්කරුට එය ඉතා පුරුදු දෙයක් විය හැක. 







Dream Big: 6 Ways to Buy Your Dream Home in 2020 | Tasteful Space
Dream to Reality


කරුණු කාරණා කෙසේවෙතත් එය ඔබට ඉතා  අපහසු කටයුත්තක් නොකර ගත යුතුය​, මන්ද ඔබ විසින් ගනු ලබන "තීරණ" බොහෝ දේවල් වලට හේතු විය හැක​. ඔබ නිවැරදි තීරණ නොගත්තොත්, ඔබේ නව නිවස, ඔබ සිතූ ආකාරයට හෝ ඔබ සිතූ මුදලට ඉදිකරගැනීමට නොහැකිව යාවී. මොකද අපි අපේ ජීවිත කාලෙටම හදන්නේ එක ගෙයක් වෙන්න පුලුවන්.


ඒකනිසා අලුත් නිවසක් සැදීමේදී ඔබ දැනගත යුතු හා සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු 5 ක් ගැන අද අපි කතා කරමු!

1. ඔයාගේ පොකට් එකේ තරම ගැන අවබෝධයක් තියාගන්න​.


ඔබ ඔබේ නව නිවස තැනීමට පෙර, ඔබට අවශ්‍ය නිවස තැනීමට ඔබට හැකිද යන්න තීරණය කිරීම සඳහා ඔයාගේ පොකට් එකේ තරම ගැන අවබෝධයක් තිබීම හරිම වැදගත් කාරණාවක්.

Financial Feasibility
Financial Feasibility
ඒකට දළ තක්සේරුවක් හදාගත්තොත් ලේසී වේවී. මේකට ලේසිම විදිය තමයි කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්ගෙන් ගණන් විමසල අදහසක් ගන්න එක​. ගොඩක් කොන්ත්‍රාත්කරුවෝ වර්ග අඩියකට වැයවන ප්‍රමාණය කියනවා. උදාහරනයක් විදියට අපි හිතමු වර්ග අඩියකට රුපියල් 5000ක් කියලා.

අනිත් දේ තමයි අලුතින් හදන ගෙදර වෙනුවෙන් ඔයාට වියදම් කිරීමට හැකි මුදල කීයද කියන එක​. අපි හිතමු ඒක ලක්ශ 50ක් කියලා. මේ කරුණු උපයෝගී කරගෙන දැන් ඔයාට පුලුවන් සිහින නිවසේ ප්‍රමානය ගැන අවබෝධයක් ගන්න​. අපේ උදාහරණයේ හැටියට නම් ඔයාට පුලුවන් වර්ග අඩි 1000ක ගෙයක් හදන්න​. මං ආයෙත් කියන්නේ මේක දළ අදහසක් ලබාගැනීමක් විතරයි.

මේකේ අනිත් පැත්තත් ඔයාට කරන්න පුලුවන්. ඔයා හිතන්න ඔයාට ව​.අ 1200ක් ගෙයක් ඕන කියලා. එතකොට ඒකට වියදම් වෙනවා රුපියල් ලක්ශ 60ක් (1200 x 5000). මේ මුදල හොයාගන්න බැංකු ණයකින් ද එහෙම නැත්තම් වෙන විදියකින් ද කියන එක ඔයාට කල් තියාම සුදානම් වෙන්නත් පුලුවන්.

2. උවමනාවන් වලට වඩා අවශ්‍යතා වලට මුල් තැන දෙන්න​.


Need Prioritization
Prioritized Your Needs
ගොඩක් අයට තමන් ඇස්තමේන්තු කල මුදලට වඩා වැඩි මුදලක් අවසානයේදී ගොස් තියෙන්නේ මෙන්න මේ කාරණේ නිසා.

මුලින්ම ඔයාගෙ අවශ්‍යතා ලයිස්තුවක් හදාගන්න​. මේ ලයිස්තුවට නිදන කාමර ගණන​, නාන කාමර ගණන​, වාහන නවතන ස්ථානයක්, විසිත්ත කාමරයක් වගේ දේවල් අන්තර්ගත වෙන්න පුලුවන්.

මූලික අවශ්‍යතා හඳුනාගත් පසු ඔයාට පුලුවන් අලංකරණ දේ වලට යොමු වෙන්නෙ. නමුත් යම්තාක් දුරකට චාම් නිවසක් ඔබට වඩාත් සිරියාවක් ගෙන දෙන බව මතක තබාගන්න​.



3. ඔයාගේ තෝරගන්න යන කණ්ඩායම ගැන හොයා බලන්න​.


Project team.
Project Team
සාමන්‍යයෙන් නිවසක් ඉදිකිරීමේදී ඔබට පුද්ගලයින් හෝ කණ්ඩායම් කීපයක් එක්ක වැඩ කරන්න වෙනවා. Architect, Draftsman, Quantity Surveyor, Contractor මින් කීපදෙනෙක්.

එම පුද්ගලයින් ඔයාගේ වැඩට සම්බන්ද කරගන්න කලින් ටිකක් විස්තර හොයලා බලන එක ගොඩක් හොදයි. ඒකට ඔයාගේ යාලුවන්ගේ Recommendations ගන්න පුලුවන්.  Architect, Draftsman ලාගෙන් නම් ඔවුන් කලින් ඇඳපු නිර්මාණ ඉල්ලලා බලන්න පුලුවන්.

වැදගත්ම කාරණයක් තමයි ඔයා ගේ හදන වැඩේ බාර දෙන්න ඕන Unit Rate එකකට​. ඒ කියන්නේ බිත්තියක් බඳිනවා නම් බිත්තියෙ වර්ග අඩියක් බඳින්න ගාන කීයද කියන එක තමයි contractor එක්ක කතා කරගන්න ඕන​. මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.

තවත් දෙයක් තමයි Civil Engineering Field එකේ ඉන්න යාලුවෙක් හෝ ලගදි ගෙයක් හදපු කෙනෙක් ඉන්නවා නම් ටිකක් ඔවුන්ගෙනුත් අදහස විමසන එක. එයින් ගොඩක් අඩුපාඩු අවම කරගන්න පුලුවන් වේවී.

4. හරිතවත්ව හිතන්න (Think Green) අමතක නොකරන්න​.


Think Green
Think Green
නිවස සැලසුම් කිරීමේදී ස්වබාවික බල ශක්තියෙන් හැකිතාක් ප්‍රයෝජන ගත හැකි ආකාරය පිලිබඳ ඔයාගේ නිවාස සැලසුම් ශිල්පියා එක්ක කතා කරන්න​.

දකුණු දිශාවට කවුළු දැමීමෙන් නිවසට අවශ්‍ය එළිය ලබාගන්න වගේම රස්නෙද අඩු කරගන්න පුලුවන්. ඒවගේම Solar Power System එකක් සවි කිරීමෙන් අමතර ආදායමක් උපයන්නත් පුලුවන්. අපජලය (Wastewater) නිසි කළමණාකරණයෙන් මල් පාත්තී වලට අවශ්‍ය වතුර ගන්න පුලුවන්. කාබනික අපද්‍රව්‍ය (Organic Waste) එකතු කරල කොම්පෝස්ට් පොහොර හදාගන්න පුලුවන්.

මේ වගේ ඔයාගෙ නිවසත් "Eco-Friendly" නිවසක් කරගන්න විදිය ගැන ඉදිරි ලිපි වලින් ලියන්න බලාපොරොත්තු වෙනවා.

5. මේ ගැනත් හිතන්න අමතක නොකරන්න​.

i
How to Choose New Home for Growing Family Needs
Family First
අන්තිම කාරණාව ඔබට ඉතාමත් වැදගත් වේවී. කෙසේ නමුත් ඔයාට සහ පවුලේ අයට ඕනේ දේ දන්නේ ඔයා නැතුව වෙන කවුද​? ඔයා තෝරගත් කණ්ඩායම හොඳ දේවල් ගොඩක් යෝජනා කලත් ඔබට ගැලපෙන දේ තෝරා බේරා ගැනීම ඔබ සතු දෙයක්.

ඒකට ඔයාට ඔයාගේ පවුලේ අයගෙන් උපදෙස් ගන්න එක වැදගත්. මොකද ඔයාගේ ජීවන රටාව, මූල්‍ය හැකියාව වගේ දේවල් දන්නේ ඔයාමයි.

ඉදිරියේදි ඔබට වැදගත් වෙන ගොඩක් ලිපිත් එක්ක මුණ ගැහෙන්නම්.

ස්තූතියි!



Build Your Dream House With Lithium Engineers

"House Construction Professionals"

Mobile 077 199 64 60


.