ඔයාගේ සිහින නිවහන යථාර්තයක් කර ගන්න ඕනද?
ඔබේ නව නිවස තැනීම ඔබට අත්දැකීමක් වුවද ඔබේ කොන්ත්‍රාත්කරුට එය ඉතා පුරුදු දෙයක් විය හැක.
ඔබේ නව නිවස තැනීම ඔබට අත්දැකීමක් වුවද ඔබේ කොන්ත්‍රාත්කරුට එය ඉතා පුරුදු දෙයක් විය හැක.
Dream to Reality |
කරුණු කාරණා කෙසේවෙතත් එය ඔබට ඉතා අපහසු කටයුත්තක් නොකර ගත යුතුය, මන්ද ඔබ විසින් ගනු ලබන "තීරණ" බොහෝ දේවල් වලට හේතු විය හැක. ඔබ නිවැරදි තීරණ නොගත්තොත්, ඔබේ නව නිවස, ඔබ සිතූ ආකාරයට හෝ ඔබ සිතූ මුදලට ඉදිකරගැනීමට නොහැකිව යාවී. මොකද අපි අපේ ජීවිත කාලෙටම හදන්නේ එක ගෙයක් වෙන්න පුලුවන්.
ඒකනිසා අලුත් නිවසක් සැදීමේදී ඔබ දැනගත යුතු හා සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු 5 ක් ගැන අද අපි කතා කරමු!
1. ඔයාගේ පොකට් එකේ තරම ගැන අවබෝධයක් තියාගන්න.
Financial Feasibility |
අනිත් දේ තමයි අලුතින් හදන ගෙදර වෙනුවෙන් ඔයාට වියදම් කිරීමට හැකි මුදල කීයද කියන එක. අපි හිතමු ඒක ලක්ශ 50ක් කියලා. මේ කරුණු උපයෝගී කරගෙන දැන් ඔයාට පුලුවන් සිහින නිවසේ ප්‍රමානය ගැන අවබෝධයක් ගන්න. අපේ උදාහරණයේ හැටියට නම් ඔයාට පුලුවන් වර්ග අඩි 1000ක ගෙයක් හදන්න. මං ආයෙත් කියන්නේ මේක දළ අදහසක් ලබාගැනීමක් විතරයි.
මේකේ අනිත් පැත්තත් ඔයාට කරන්න පුලුවන්. ඔයා හිතන්න ඔයාට ව.අ 1200ක් ගෙයක් ඕන කියලා. එතකොට ඒකට වියදම් වෙනවා රුපියල් ලක්ශ 60ක් (1200 x 5000). මේ මුදල හොයාගන්න බැංකු ණයකින් ද එහෙම නැත්තම් වෙන විදියකින් ද කියන එක ඔයාට කල් තියාම සුදානම් වෙන්නත් පුලුවන්.
2. උවමනාවන් වලට වඩා අවශ්‍යතා වලට මුල් තැන දෙන්න.
Prioritized Your Needs |
මුලින්ම ඔයාගෙ අවශ්‍යතා ලයිස්තුවක් හදාගන්න. මේ ලයිස්තුවට නිදන කාමර ගණන, නාන කාමර ගණන, වාහන නවතන ස්ථානයක්, විසිත්ත කාමරයක් වගේ දේවල් අන්තර්ගත වෙන්න පුලුවන්.
මූලික අවශ්‍යතා හඳුනාගත් පසු ඔයාට පුලුවන් අලංකරණ දේ වලට යොමු වෙන්නෙ. නමුත් යම්තාක් දුරකට චාම් නිවසක් ඔබට වඩාත් සිරියාවක් ගෙන දෙන බව මතක තබාගන්න.
3. ඔයාගේ තෝරගන්න යන කණ්ඩායම ගැන හොයා බලන්න.
Project Team |
එම පුද්ගලයින් ඔයාගේ වැඩට සම්බන්ද කරගන්න කලින් ටිකක් විස්තර හොයලා බලන එක ගොඩක් හොදයි. ඒකට ඔයාගේ යාලුවන්ගේ Recommendations ගන්න පුලුවන්. Architect, Draftsman ලාගෙන් නම් ඔවුන් කලින් ඇඳපු නිර්මාණ ඉල්ලලා බලන්න පුලුවන්.
වැදගත්ම කාරණයක් තමයි ඔයා ගේ හදන වැඩේ බාර දෙන්න ඕන Unit Rate එකකට. ඒ කියන්නේ බිත්තියක් බඳිනවා නම් බිත්තියෙ වර්ග අඩියක් බඳින්න ගාන කීයද කියන එක තමයි contractor එක්ක කතා කරගන්න ඕන. මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.
තවත් දෙයක් තමයි Civil Engineering Field එකේ ඉන්න යාලුවෙක් හෝ ලගදි ගෙයක් හදපු කෙනෙක් ඉන්නවා නම් ටිකක් ඔවුන්ගෙනුත් අදහස විමසන එක. එයින් ගොඩක් අඩුපාඩු අවම කරගන්න පුලුවන් වේවී.
4. හරිතවත්ව හිතන්න (Think Green) අමතක නොකරන්න.
Think Green |
දකුණු දිශාවට කවුළු දැමීමෙන් නිවසට අවශ්‍ය එළිය ලබාගන්න වගේම රස්නෙද අඩු කරගන්න පුලුවන්. ඒවගේම Solar Power System එකක් සවි කිරීමෙන් අමතර ආදායමක් උපයන්නත් පුලුවන්. අපජලය (Wastewater) නිසි කළමණාකරණයෙන් මල් පාත්තී වලට අවශ්‍ය වතුර ගන්න පුලුවන්. කාබනික අපද්‍රව්‍ය (Organic Waste) එකතු කරල කොම්පෝස්ට් පොහොර හදාගන්න පුලුවන්.
මේ වගේ ඔයාගෙ නිවසත් "Eco-Friendly" නිවසක් කරගන්න විදිය ගැන ඉදිරි ලිපි වලින් ලියන්න බලාපොරොත්තු වෙනවා.
5. මේ ගැනත් හිතන්න අමතක නොකරන්න.
iFamily First |
ඒකට ඔයාට ඔයාගේ පවුලේ අයගෙන් උපදෙස් ගන්න එක වැදගත්. මොකද ඔයාගේ ජීවන රටාව, මූල්‍ය හැකියාව වගේ දේවල් දන්නේ ඔයාමයි.
ඉදිරියේදි ඔබට වැදගත් වෙන ගොඩක් ලිපිත් එක්ක මුණ ගැහෙන්නම්.
ස්තූතියි!
ස්තූතියි!
Build Your Dream House With Lithium Engineers
"House Construction Professionals"
Mobile 077 199 64 60
.
No comments:
Post a Comment