ඔබගේ නිවසෙත් ඉඩ අඩුයි වගේ හැඟෙනවාද. මෙන්න විසඳුම් 6ක්.
ඔබේ නිවසේ ඇති ඉඩකඩ ඉතා සීමිත නම් එය ඔබගේ හිතට මහත් කරදරකාරි හැඟීමක් ගෙන දෙන බව නිසැකය. ඒයට පිළියම් ලෙස විවිද උපක්‍රම ඔබට භාවිතා කරන්න පුලුවන්.
උපක්‍රම විශාල ප්‍රමාණයක් අතුරින් ඉතා සරල ක්‍රම 6ක් පිලිබද අද කතා කරනවා.
ඉදිරි ලිපි වලින් ඒ උපක්‍රම සියල්ලම ගැන කතා කරන්න පුලුවන් වෙයි අපිට. ඒහෙනම් බලමු මොනවද ඒ පිලියම් 6 කියලා.
1. හැකි සෑම විටම උස කවුළු යොදාගන්න
කවුළු-බිත්ති අනුපාතය අඩුකරගැනීමට පුලුවන් හැම විට තරමක් උස කවුළු භාවිතා කරන්න මතක තබා ගන්න. එයින් ඔබේ නිවස ආලෝකමත් වී ඕනෑම අභ්‍යන්තර මෝස්තරයක් (Interior Design) දීප්තිමත් කර ඒවට නව පණක් ලබදෙයි.
2. බිම සිට සිවිලිම දක්වා වූ රාක්ක
ඔබ ඔබේ බිත්තිවලට බිම සිට සිවිලිම දක්වා පොත් රාක්ක එක් කිරීමට උත්සාහ කරන්න. එමඟින් ඔබේ අයිතම (Items) ඇසිරීමට හැකි අතර එයින් නිවසේ ගොඩක් දේවල් සංවිදානාත්මකව ගබඩා කිරීමටද පුලුවන්.
3. පඩිපෙළ යට අවකාශය භාවිතා කිරීම
ඔබට ඇත්තේ දෙමහල් කුඩා නිවසක් නම් අනිවාර්‍යෙන් ඇතුලත පඩුපෙල පහල ප්‍රයෝජනයට නොගත් හිස් ඉඩක් ඉතුරු වී ඇත. එයද මනාව කුඩා භාණඩ බහාලිය හැකි පරිදි කුඩා ගබඩාවක් (Storage Compartment) බවට පත් කල හැකිය.4. Sliding Doors භාවිතය
සාමාන්‍යෙන් දොරක් විවෘත කිරීමට යම්කිසි ඉඩක් වැයවෙනවා. ඔබට ඇත්තේ කුඩා නිවසක් නම් ඒ ඉඩ අපතේ නොයවන්න. ඒ සඳහා පැත්තට තල්ලු කරන දොරවල් (Sliding Doors) ඔබේ කාමර වලට යොදාගන්න.
5.සෑම දෙයක්ම රාක්ක ගත කරන්න
විශාල සංවෘත කැබිනට් වෙනුවට බිත්තිවලටම සවි වූ විවෘත රාක්ක වල විවිද දේ බහාලන්නට යොදා ගැනීමෙන්ද ඔබට තරමක ඉඩක් ඉතුරු කරගන්න පුලුවන්.
6. උස අඩු ගෘහභාණඩ භාවිතය
පොලව මට්ටමේ සිට සිවිලිමට ඇති උස තරමක් අඩු නම් උසින් අඩු සෝෆා කට්ටල, ඇඳන්, පුටු වගේ දේ භාවිතයෙන් ඒ අපට දැනෙන උස අඩු බව තරමක් හෝ නැති කරගන්න පුලුවන්
ඔබට තියෙන්නේ පර්චස් 10ක් හෝ අඩු ඉඩමක් නම් එම කුඩා ඉඩකඩ මනාව කළමණාකරණය කරමින් පිලිවෙලට හා ලස්සනට ඔබගේ නිවස සැළසුම් කරගැනීමට Lithium Engineers හොඳම තේරීමක් වන බව නොඅනුමානය.
Build Your Dream Home with Lithium Engineers
"House Construction Professionals"
Mobile 077 199 64 60
No comments:
Post a Comment